නයිජීරියාවේ නයිජර් ගංගාවේ ගිලී යාමෙන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට

පිරිසක් රැගත් යාත්‍රාවක් නයිජීරියාවේ නයිජර් ගංගාවේ ගිලී යාමෙන් 100යට අධික පිරිසක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
මංගල සාදයකට සහභාගී වී ආපසු යමින් සිටි පිරිසක් මෙලෙස අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය සඳුදා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර එහිදී විශාල පිරිසක් අනතුරට ලක්ව ඇති බවත් සඳහන්.
ක්වාරා ප්‍රාන්තයේ සිට නයිජර් ප්‍රාන්තය දක්වා එම පිරිස ගමන් කරමින් සිට ඇති අතර ඒ මොහොතේ යාත්‍රාවේ 300කට අධික පිරිසක් සිටි බවයි වාර්තා වන්නේ.