එක්ස්ප්‍රස් පර්ල් පෙත්සමට අදාළ මෝසම අගවිනිසුරු හමුවට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිණිගැනීම පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉදිරිපත් කර ඇති මෝසම අගවිනිසුරුවරයා හමුවට යොමුකිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂඨාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කර තිබෙනවා.
ඒ පෙත්සම්කර පාර්ශවය ඉදිරිපත් කර ඇති මෝසම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහායි.
මෙම පෙත්සම් ලබන ජුලි මස 10 වනදා යලි කැදවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එහිදී තීරණය කර අති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ