”උසස් පෙළ විභාගයට නිශ්චිත මාසයක්” ජනපති

උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහයවීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින්.
පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර අතිශය බරපතල තත්ත්වයකදී හැර එය වෙනස් කිරීමට නොහැකිවන අන්දමින් අදාළ නීති සකස්කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ.