Twitter

ට්විටර් සම-නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි ජනප්‍රිය යූ ටියුබ් වැඩසටහනකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ඉන්දියාව සහ ට්විටර් සමාජ ජාලය අතර බරපතල අර්බුදයක් නිර්මාණය කරමින් තිබෙනවා.

පසුගිය වකවානුවේ ට්විටර් මයික්‍රොබ්ලොගින් වේදිකාවේ මෙහෙයුම් වසා දමන බවට තර්ජනය කළ බව ඔහු කළ චෝදනාවක් ඉන්දීය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන ලද අතර ඇමතිවරයෙකු එම ප්‍රකාශයන් “සම්පූර්ණ බොරුවක්” ලෙස හඳුන්වනු ලැබුවා.

යූ ටියුබ් වැඩසටහනක් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ජැක් ඩෝර්සි පසුගිය සඳුදා ඉන්දීය රජය තමන් වෙත දැඩි පීඩනයක් එල්ල කළ බවට ඉන්දීය බලධාරීන්ට චෝදනා කළා.

පසුගිය වසරේ එලොන් මස්ක්ට ඩොලර් බිලියන 44කට විකුණා දැමූ ට්විටර් සමාජ ජාලයෙහි ඩෝර්සි තවදුරටත් සේවය නොකරන නමුත්, නව දිල්ලි පාලනය විසින්
ටිව්ටර් සමාගම සහ පොදුවේ සමාජ මාධ්‍යය සමඟ ඇති කරන බලපෑම පිළිබඳ අලුත් කතාබහක් කරලියට ගෙනැවිත් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *