ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත අතර පුහුණු තරඟය අද

ක්‍රිකට්

ලබන ඔක්තෝබර් මස ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියට පෙර පැවැත්වෙන පළමු පුහුණු තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම අද මුහුණ දෙනවා.

නෙදර්ලන්තයට එරෙහිව සිම්බාබ්වේ – බුලවායෝ හීදි මෙරට වේලාවෙන් දහවල් 12යි 30ට තරඟය ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම ඇමරිකාවට එරෙහිව ශ්‍රී ලංකාව අනිද්දා (15) දෙවන පුහුණු තරඟය සඳහා සහභාගි වනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ලබන 18 වැනිදා ආරම්භ වන අතර ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට එරෙහිවයි.

එම තරඟය ලබන 19 වැනිදා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව, ඕමානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සමඟද මූලික වටයේදී තරඟ වඳිනවා. මෙම තරඟාවලියේ මූලික වටයේ පළමු ස්ථානයේ පසුවන කණ්ඩායම් 06 සුපර් සික්ස් වටයට සුදුසුකම් ලබන අතර තරඟාවලියේ අවසන් මහතරඟය ජුලි 09 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *