පුංචි ඡන්දය සහ නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

නාමයෝජනා

දැනට කැඳවා ඇති නාම යෝජනා අවලංගු කර පළාත් පාලන ඡන්ද විමසීම ම අවලංගු කරන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සංවාදයට බදුන් වුණා.

උපදේශක කාරක සභාවට සහභාගි වූ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ නාමයෝජනා අවලංගු කර ඡන්ද විමසීම යලි කැදවූ පසු නැවත නාමයෝජනා කැඳවීම වඩාත් සුදුසු බවයි.

ඒ අනුව, පළාත් පාලන ඡන්ද විමසීම අවලංගු කරන්නේ නම් ඒ සදහා පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *