පාසල් උපකරණවල මිල තවදුරටත් පහළට

පාසල් බෑග්, අභ්‍යාස පොත් හා පාවහන් මිල ඉදිරි සති 2 තුළ තවදුරටත් පහළ දැමීමට හැකි බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.
එහි ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා ප්‍රකාශ කළේ, අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් මෙම සහනය ජනතාවට ලබා දිය හැකි බවයි.
මේ අතර, රුපියල ශක්තිමත් වීම හමුවේ තීන්ත, යකඩ ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල මෙතෙක් පහළ ගොස් නොමැති බවට ජාතික ඉදිකිරීම් සේවක සංගමය චෝදනා කරනවා