ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට

ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට ඉදිරිපත් වීම සඳහා මියාමි නගරයට පැමිණ තිබෙනවා.
ජනාධිපති ධුරයට අයත් රහස්‍ය ලේඛන එම ධුරයෙන් ඉවත්වූ පසුවත් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙනුයි ට්‍රම්ප්ට එරෙහිව චෝදනා 37ක් මියාමි ෆෙඩරල් අධිකරණයේ ගොනුකර ඇත්තේ.
සිය පුද්ගලික ගුවන් යානයෙන් මියාමි වෙත පැමිණි ට්‍රම්ප් ඔහුගේ නීතිඥ කණ්ඩායම සමඟ සාකච්ඡාවක්ද ආරම්භ කර තිබෙනවා.
මියාමි නගරයේ ආරක්ෂාව ද තරකර ඇති අතර එල්ලවන විරෝධතා පාලනයට ආරක්ෂක අංශ සූදානමින් සිටින බවයි මියාමි නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.