අක්‍රීය යන්ත්‍ර ඇතුලු අත්‍යාවශ්‍ය යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් බිලියන 4ක මුදලක්

දැනට රෝහල් කිහිපයක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර ඇතුලු අත්‍යාවශ්‍ය යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් බිලියන 4ක මුදලක් අනුමත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මාස 5 ක සිට ක්‍රියාවිරහිත වී ඇති එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රය අලුත්වැඩියා නොකිරීම මහරගම අපේක්ෂා රෝහලේ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය ද අක්‍රිය වීම සම්බන්ධයෙන් කරුණු අනාවරණ කර තිබුණා.
මේ අතර දැනට රජයේ රෝහල් සතුව එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර 13ක් පවතින අතර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහලේ තිබූ යන්ත්‍රය ද මීට වසර 2කට පෙර අක්‍රිය වූ බැවින් දැනට ක්‍රියාත්මක තත්වයේ පවතින්නේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර 11 පමණක් බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ, තුම්පනේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද හැකි ඉක්මනින් විසදන බවයි.