සති අන්තයේ ඩෙංගු මර්දන වැඩසටහනක්

ඩෙංගු

පවතින ඩෙංගු අවධානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් යළි ආරම්භ කිරීමට පෙර සති අන්තයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

සියළු පළාත් ආවරණය කරමින් පාසල් ප්‍රජාවගේ ද සහයෝගයෙන් එම ඩෙංගු මර්දන වැඩසටහන දිවයින පුරා සිදුකරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ. එහි මූලික වැඩසටහන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ කලාපයේ සියලුම පාසල්වලින් ආරම්භ කෙරෙනවා.

එම කලාපයේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, කොළඹ නගර සභාවේ නිලධාරීන් ඇතුළු තවත් නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙම අදහස් පළ කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *