ශ්‍රී ලංකා පිල අද සිම්බාබ්වේට

එක් දින ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (090 සිම්බාබ්වේ බලා පිටත්ව යෑමට නියමිතයි.
කණ්ඩායම සමග හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද පිටත්ව යන බවයි ක්‍රීඩා ආරංචි මාර්ග පැවසුවේ.
තරගාවලිය ලබන 18 වැනිදා ආරම්භ වන අතර ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග 2කට එක් වෙනවා.
ඒ නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමගයි.