රාජ්‍ය කළමනාකරණ සේවයේ පුරප්පාඩු 7000ක්

මෙම පුරප්පාඩුවලින් 5000ක් ඇති වී තිබෙන්නේ, මධ්‍යම රජයේ ආයතන තුළ බවත්, ඉතිරි 2000ක පළාත් රාජ්‍ය ආයතන තුළ ඇති වී තිබෙන බවත් සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර සඳහන් කර සිටියා.
මධ්‍යම රජයේ අයනවල 2020 වසර වනවිට පැවති පුරප්පාඩු ගණනය කර ඒ සඳහා ද බඳවා ගැනීම්වලට අයදුම්පත් කැදවූ බවත්, මේ අනුව උසස් පෙළ සමතුන් රුපියන් 600ක මුදලක් වැය කර අයදුම්පත් ලබා ගෙන අයදුම්පත් සම්පූර්ණ කර ඉදිරිපත් කළ බවත් ඔහු ප්‍රකාශ කර කළා.
මීට අමතරව අදාළ විභාගයට පෙනීසිටීම සඳහා විශාල මුදලක් වැය කර උපකාරක පන්තිවලට සහභාගි වීමට පවා අයදුම්කරුවන් කටයුතු කර තිබෙන බවත්, එහෙත් මෙතෙක් විභාගය පැවැත්වීමට කටයුතු කර නොමැති බවත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
සමස්ත පුරප්පාඩුවලින් 30%ක් රාජ්‍ය සේවයේ සිටින පිරිස්වලින් 70%ක් තරඟ විභාගයක් පවත්වා ඉන් සමත් වන පිරිස් බඳවා ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළා.
ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ පළාත් රාජ්‍ය ආයතනවල පුරප්පාඩු සැලකීමේදී බස්නාහිර පළාත තුළ පුරප්පාඩු 418ක්, වයඹ පළාත තුළ පුරප්පාඩු 395ක්, මධ්‍යම පළාත තුළ පුරප්පාඩු 225ක්, දකුණු පළාත තුළ පුරප්පාඩු 48ක්, ඌව පළාත තුළ පුරප්පාඩු 81ක්, උතුරුමැද පළාත තුළ පුරප්පාඩු 120ක්, සබරගමුව පළාතේ පුරප්පාඩු 77ක්, උතුරු පළාත තුළ පුරප්පාඩු 135ක් පවතින බවයි.