ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණයට නිර්දේශ නොකරන බව, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව කියයි

ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු නිරාවරණය වන බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණයට, සිය කමිටුව නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව දැනුම්දී තිබෙනවා.
ඊට අදාළ වාර්තාව ඉදිරිපත් කරමින් එම කාරක සභාව පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට කුමන ආකාරයකින් හෝ උපකාර කළ කිසිවෙකුට අසාදු ලේඛන ගත කළ සංවිධානයකට මෙහි කිසිදු කොටසක් මිලදී ගැනීමට ඉඩ ලබානොදිය යුතු බවයි.
මැයි මාසයේ ගැසට් නිවේදනයක් මගින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන ආ ආයතන කිහිපයක් අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ද ඒ යටතට ගැණුනා.
ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු කොටස් 2023 ජුනි 15 ට පෙර ඉවත් නොකරන බවට භාණ්ඩාගාර ලේකම්වරයා මැයි මාසයේදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි නිකුත් කරන ලද කොටස් ප්‍රාග්ධනයේ 49.50% ක කොටස් භාණ්ඩාගාරය සතු බවයි වාර්තා වන්නේ.