ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලට සහභාගී වූ කණ්ඩායම දිවයිනට

දකුණු කොරියාවේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළලේදී රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක්, ලෝකඩ පදක්කම් 02ක් ද සමගින් සමස්ත පදක්කම් 5 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ 7 වන ස්ථානයට පත්වුණා.

එහිදී කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම සහ කාන්තා මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම හිමි කරගනු ලැබුවේ තරුෂි කරුණාරත්නයි.

මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමි කරගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. එම තරගාවලියේ පිරිමි තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවේ මලිත් යසිරු විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *