විභාග රාජකාරී නිසා සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වීමට නොහැකිවූ විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශය

සාමාන්‍ය පෙළ විභාග රාජකාරීවලට සහභාගී වීම හේතුවෙන් විදුහල්පති සේවයේ තුන්වන පන්තියට බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා 500කට අධික සංඛ්‍යාවකට සහභාගීවීමට නොහැකි වී තිබෙනවා.

විදුහල්පති තනතුරට 4,700 දෙනෙකු බඳවාගැනීමට අදාළවයි එම සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබුවේ.

ඒ අනුව සුදුස්සන් 6,000කට අධික පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබුණා.

කෙසේ වෙතත් විභාග රාජකාරී හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකිවූවන්ට මේ මස 10 වැනිදා පෙරවරු 10ට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන ලෙසයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් දැනුම් දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *