පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කණගාටු වෙයි

ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට කටුනායක ගුවන්තොටුපළේදී මුහුණ පෑමට වූ සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.
ලෝක පූජිත බි්‍රතාන්‍ය ජාතික හිමිනමක් වන පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කටුනායක ගුවන් තොටුපල වෙත පසුගිය 31 වනදා අලුයම තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපල වෙත වැඩම කර තිබුණා.
එලෙස වැඩම කළ උන්වහන්සේ ගුවන් තොටුපල ප්‍රභූ පර්යන්තයේ කුටියක් වෙත රැගෙන ගොස් තිබුණේ ප්‍රභූ පහසුකම් ජනාධිපතිවරයා විසින් පිරිනමා තිබීම හේතුවෙන්.
කෙසේ වෙතත්, එලෙස රඳවා සිටි උන්වහන්සේ නිසි වේලාවට අදාළ ගුවන් යානය වෙත රැගෙන ගොස් තිබුණේ නැහැ. පැය 12 කට පමණ පසුවයි උන්වහන්සේ මලයාසියාව බලා පිටත්ව යන ගුවන් යානයක් වෙත රැගෙන ගොස් තිබුණේ.
සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම අවස්ථාවේ සිංගප්පූරුව බලා යාමට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ සිටි බව වාර්තා වුණා.
මේ අතර බ්‍රහ්මවංසෝ හිමියන් පැය 12 ක් ගුවන් තොටුපලේ රඳවාගෙන සිටි කටුනායක ගුවන්තොටුපළේ එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි මෙහෙයුම් නිලධාරියා සම්බන්ධයෙන් මේ වන විට විනය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම්වරයා විසින් නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට කළ දැනුම්දීමකට අනුවයි. කෙසේ වෙතත් පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ඕස්ටේ්‍රලියාවේ පර්ත් නුවර පැවති වැඩසටහනකදී තමන්ට ශ්‍රී ලංකාවේදී මුහුණ පෑමට සිදුවූ සිද්ධිය පිළිබඳව මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් කළා.