පිටා ලිම්ජොරොන්රාට් ට අගමැති ධුරය අහිමි වෙයි?

තායිලන්ත අගමැති ධුරයට සුදුසුකම් ලැබූ මූ ෆෝවඩ් පක්ෂයේ නායක පිටා ලිම්ජොරොන්රාට් ට එම ධුර අහිමිවීමේ අවදානමක් පවතිනවා. ඒ එරට මාධ්‍ය ආයතනයක කොටස්වල හිමිකාරිත්වය මොහුට හිමිවීමයි.
තායිලන්ත රජයේ නීතිය අනුව මාධ්‍ය ආයතනවල හිමිකාරිත්වය දරණ පුද්ගලයින්ට අගමැති ධුරය දැරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
පසුගිය 14 වනදා හමුදා සහය ලබන පාලක පක්ෂය දැඩි පසුබෑමකට ලක්කරමින් රැඩිකල් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි මූ ෆෝවඩ් පක්ෂයේ තරුණ නායක පිටා ලිම්ජොරොන්රාට් තායිලන්ත මහමැතිවරණය ජයගනු ලැබුවා.
මෙම මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය තක්ෂීන් ශිනවත්‍රාගේ දියණියගේ පක්ෂය පත්වූයේ දෙවන ස්ථානයටයි.