ක්ෂේත්‍ර 14ක පිරිස් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ

වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරි, බැංකු, වස්තු විද්‍යාඥ ඇතුළු ක්ෂේත්‍ර 14ක වෘත්තීකයන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව මෙම වෘත්තීන්ට අදාළව මේ වසරේ දෙසැම්බර් 31 වැනි දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වනු ඇති.

2024 ජනවාරි පළමුවැනිදා දින හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියපදිංචි වීම අනිවාර්ය වෙනවා.
අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස ‌දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස පහතින්.

1. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
2. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
3. ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
4. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
5. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
6. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
7. ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
8. ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
9. ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
10. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
11. ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
12. මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
13. දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු
14. ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *