රුපියල තවත් ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබෙනවා.
ඒ අනුව, අද (01) ඩොලරයක ගැණුම් මිල රුපියල් 283යි ශත 87ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297යි ශත 23ක් ලෙසයි.
එමෙන්ම, ස්ටර්ලින් පවුමක ගැණුම් මිල රුපියල් 352යි ශත 30ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 370යි ශත 94ක් ලෙසත් දැක්වෙනවා.