යුක්රේනයේ කීව් අගනුවර ගැටුම්වලින් 3 දෙනෙකු ජිවිතක්ෂයට

දින කිහිපයක් පුරා කිව් අගනුවර පවතින ගැටුම් හේතුවෙන් යුක්රේනයේ කුඩා ළමයින් 2 දෙනෙකු සහ තවත් අයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගැටුම් හේතුවෙන් 12 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මීට පෙර ගැටුම් හේතුවෙන් එරට හමුදා සෙබළුන් දෙදෙනෙකු ද ජිවිතක්ෂයට පත්ව තිබුණා.
අමෙරිකාව ලබාදුන් ගුවන් ආරක්ෂණ පද්ධතියේ වාසිය ලබාගත් යුක්රේනය, රුසියාව එල්ල කරනු ලබන මිසයිල සාර්ථක ලෙස බිම හෙළීමට සමත්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්ත කර තිබුණා.