මිල සංශෝධනය හමුවේ පිරවුම්හල් රැසක දිගු පෝලිම්

ඉන්ධන
ඉන්ධන මිළ අඩු කළ ද ප්‍රදේශ රැසක පිරවුම්හල් වන ඉන්ධන නොමැති බවට පාරිභෝගික ජනතාව චෝදනා කරනවා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන පැවැතිය ද දිගු පොලිම් පවතින බවයි ප්‍රදේශ රැසක අප වාර්තාකරුවන් කියා සිටියේ.

ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කිරිමට පියවර ගත්තා. ඒ අනුව එහි නව මිළ රුපියල් 318 ක්.

කෙසේ වෙතත්, ඔක්ටේන් 95 යුරෝ 4 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබෙනවා. රුපියල් 365ක්ව පැවති මෙම ඉන්ධන ලීටරයක මිල ඉහල දමා ඇත්තේ රුපියල් 385ක් දක්වායි.

ලංකා සුපිරි ඩීසල් ෆෝ ස්ටාර් යුරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 10කින් ඉහල දමා ඇති අතර එහි නව මිල සටහන් වූයේ රුපියල් 340ක් ලෙසයි.

එමෙන්ම, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 245 ක් වනවා. ලංකා කාර්මික භූමිතෙල් මිල රුපියල් 60කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 270ක් ලෙස සටහන් වුණා.

කෙසේ වෙතත්, ඉන්ධන මිළ සංශෝධනය වුව ද දිවයිනේ ඇතැමි ප්‍රදේශ වල පිරවුම්හල් වල ඉන්ධන නොමැති බවට වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඇතැම් පිරවුම්හල් වැඩි වු ඉන්ධන පමණක් නිකුත් කිරිමට ද පියවර තිබෙනවා.

මේ අතර, ඉන්ධන මිළ සංශෝධනය වුවත් තමන්ට ඉන් කිසිදු වාසියක් නොමැති බවට වෘත්තිය ත්‍රීරෝද රථ සංගම් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙවර ඉන්ධන මිළ සංශෝධනය අනුව රුපියලක මිළ අඩු කිරිමක් පාරිභෝගිකයින්ට ලබා දිය හැකි බවයි.

මෙවර ඉන්ධන මිල ගැලපුමට අනුව ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුකර නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *