මහේන්ද්‍ර සිං දෝනි ශල්‍යකර්මයකට මුහුණ දෙයි

මහේන්ද්‍ර සිං දෝනි
ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගත් චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ශල්‍ය කර්මයකට මුහුණදීමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වම් දණහිසේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු අද මුම්බායිහි රෝහලකදී ශල්‍යකර්මයට මුහුණදීමට නියමිතයි.

මේ අතර, ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය සදහා එංගලන්තය බලා පිටත්ව ගිය ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, තරගාවලියේ හතර වන විනිසුරුවරයා ලෙස ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන කටයුතු කරන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස එම තරඟයේ කටයුතු කරනු ඇති.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව අතර ලබන 7 වනදා මෙරට වේලාවෙන් පස්වරු 7 ට ආරම්භ වනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *