දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවට

දකුණු අප්‍රිකා A ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා ක්‍රීඩකයින් සහ නිලධාරීන් 24 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම අද (01) උදෑසන මෙරටට පැමිණ තිබෙනවා.

ඒ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK 650 දරණ ගුවන් යානයෙන්.

මෙම කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එක් දින තරග 03 කට සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දින 04 ක්‍රිකට් තරග දෙකකට ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකා A කණ්ඩායම පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ මෙම කණ්ඩායම ගුවන් තොටුපොළේ සිට කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන ඇති බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *