ජුලි අවසන්වන විට උද්ධමනය තනි ඉලක්කමකට – මහබැංකු අධිපති

ජුලි මාසය අවසන් වන විට මෙරට උද්ධමනය තනි ඉලක්කමේ අගයකට ගෙන ඒම අපේක්ෂාව බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ශ්‍රී ලංකා මහබැංකුවේ අද පැවති ප්‍රතිපත්ති පොලී අනුපාත සංශෝධන පිළිබද දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එමෙන්ම බංග්ලාදේශයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකම අගොස්තු – සැප්තැම්බර් වන විට ගෙවා දැමීමට අපේක්ෂා කරන බවද මහබැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.