උත්තර පත්‍ර රැගෙන ගිය වෑන් රථයක් අනතරකට ලක් වෙයි

අපොස සාමාන්‍ය පෙළ උත්තර පත්තර රැගෙන ගිය වෑන් රථයක් කාහිංගල ප්‍රදේශයේ දී ඊයේ (31) සවස අනතුරට පත් වී තිබුණා.
අනතුරින් තුවාල ලැබූ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
පොලීසිය පවසන්නේ, රියදුරුට වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇති බවයි.
අනතුරෙන් පසුව එම වෑන් රථයේ තිබූ උත්තර පත්‍ර ආරක්ෂිතව අදාළ ස්ථානවලට පිටත් කර හැරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.