විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ විධායක ලේකම් දිවයිනට

විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ විධායක ලේකම් ආචාර්ය රොබට් ලොයිඩ් අද දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ලබන මස 4 වනදා දක්වා මෙරට රැදී සිටින ඔහු ජනාධිපති, විදේශ කටයුතු ඇමති සහ පරිසර අමාත්‍යවරයා මෙන්ම, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුමට ශ්‍රී ලංකාව 1996 ඔක්තෝම්බර් 24 වන දින අත්සන් තබා තිබෙනවා.

සෑම අයෙකු විසින්ම භූමියට ඉහළින් මෙන්ම ජලය යට සහ භූමිය පහළ සෑම ප්‍රදේශයකම සිදුකෙරෙන න්‍යෂ්ටික පිපිරවීම තහනම් කිරීම එම ගිවිසුමේ ප්‍රධාන පරමාර්ථයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *