රත්‍රං මිල ගණන් පහළට

Beautifully crafted traditional Indian gold jewellery for women. The ornaments are known as bangles worn to hands and made up of 22 carat gold.
මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
ඒ අනුව අද (31) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 149,000 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියේ බදාදා දිනයේ දී එය දැක්වුණේ රු. 154,500ක් ලෙසයි.
මේ අතර සිකුරාදා රු. 167,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 161,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.