මෙරට ප්‍රථම පාවෙන සූර්ය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් ගත වෙයි

කංචන විජේසේකර
ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය සදහා කොරියානු තාක්ෂණ දියුණුව සදහා වූ ආයතනය සමග විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අද(31) ගිවිසුමකට එළැඹුණා.

විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ඒ සදහා සුනිත්‍ය බලශක්ති අධිකාරියට ඩොලර් මිලියන 5යි දශම 2 ක ප්‍රදානයක් ලබා දී ඇති බවයි.

පාවෙන සූර්ය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය කොරියානු ඉංජිනේරු සමාගම විසින් සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරිඉබ්බන්ආර වැව ආශ්‍රිතව සිදුකෙරෙනවා.

මෙම සංවර්ධනය ව්‍යාපෘතිය ලබන වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට සැළසුම් කර ඇති බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *