ඩොලරයේ පහළ යාමට සාපේක්ෂව ඖෂධ මිල අඩු කරන්න සුව ඇමතිගෙන් උපදෙස්

ඖෂධ

ඩොලරයේ අගය පහළ යාමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඩොලරයේ අගය පහළ ගියද ඊට සාපේක්ෂව ඖෂධ මිල අඩු නොවීම ගැටළුවක් බවයි.

මේ අතර සිමෙන්ති, යකඩ, ඇළුමිනියම් ඇතුලු ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල පහළ නොයෑම ද ගැටළුවක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *