ජනපති උපදෙසින් කෘෂිකර්ම දත්ත ඩිජිටල්කරණයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමේ නිලධාරීන් අතර ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන්.
මෙහිදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීකරණය, පෝෂණය, දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ මූල්‍ය සුරක්ෂිතතාවය යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමේදී දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ප්‍රවේශය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
ඒ සඳහා මුල්‍ය ආධාර සහ නවීන තාක්‍ෂණය සැපයීම පිළිබඳ රජයේ ප්‍රතිපත්ති සහ රෙගුලාසිවලට යටත්ව මෙම ප්‍රයත්නයන්ට සහාය වීමට බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමේ නිලධාරීන් එහිදී ජනාධිපතිවරයාට කැමැත්ත පළ කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
එමෙන්ම යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයේ කටයුතු සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.