උතුරු කොරියාව ගුවන් ගත කළ පළමු නිරීක්ෂණ චන්ද්‍රිකාව කඩා වැටෙයි

උතුරු කොරියාව ගුවන් ගතකළ පළමු නිරීක්ෂණ චන්ද්‍රිකාව තාක්ෂණික දෝෂයක් මත කඩා වැටී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ජපානයේ ඔකිනාවා දූපත ආසන්නයට මෙම චන්ද්‍රිකාව කඩා වැටී ඇති අතර එමගින් කිසිදු හානියක් සිදුව නොමැති බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජපානය අනතුරු ඇගවීමක් ද කර තිබෙනවා.
උතුරු කොරියාව සඳහන් කළේ තම පළමු නිරීක්ෂණ චන්ද්‍රිකාව අසාර්ථක වුවද දෙවන වරටත් එවැනි චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන බවයි.
මෙම චන්ද්‍රිකාව මගින් අනෙකුත් රටවල් සිදුකරන පර්යේෂණ සම්බන්ධයෙන් සොයා බැලිය හැකි වෙනවා.
මේ අතර විදෙස් වාර්තා සඳහන් කළේ උතුරු කොරියාව තවත් මිසයිලයක් ද අත්හදා බලා ඇති බවයි.
එය ජපානය ආසන්නයෙන් ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.