ඉන්ධන මිල සංශෝධනය අද

මසකට වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද (31) රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ගතවූ මාස 05 තුළ අවස්ථා ගණනාවකදී ඉන්ධන මිල සංශෝධනයට ලක්වූ අතර අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුවූයේ පසුගිය අප්‍රේල් මස 30 මධ්‍යම රාත්‍රියේ දීයි.
එහිදී, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්, ලංකා ඔටෝ ඩීසල් රුපියල් 15කින්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 125කින් පහත දැමුණා.
මේ අතර, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 333 කට, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 365 කට සහ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 310කට අලෙවි වෙනවා.
සුපර් ඩීසල් ලීටරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 330කටයි.
මේ අතර, කිව්.ආර්. ක්‍රමවේදය යටතේ රථවාහන සඳහා ඉහළ දමන ලද ඉන්ධන කෝටාව මේ වනවිට ක්‍රියාත්මකයි.
යතුරු පැදි සහ ත්‍රිරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 14 දක්වා ඉහළ දැමුණු අතර ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමුණේ ලීටර් 22 දක්වායි.
එසේම, බස් රථ සහ ලොරි රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 125 දක්වා, මෝටර් රථ සහ වෑන් රථ සඳහ ලීටර් 40 දක්වා, ඉඩම් වාහන සඳහා ඉන්ධන කෝටාව ලීටර් 45 දක්වා ඉහළ දැමුණා.