සමාජ මාධ්‍ය භාවිතකරන්නන් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය

ආගමික, වාර්ගික හැගීම් මගින් ගැටුම් ඇති කිරීම සදහා සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අවධානයෙන් පසුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ සහ අදාල බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ඇතැම් කණ්ඩායම් සුක්ෂම ලෙස එවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන බවට අනාවරණය කරගත් තොරතුරු බුද්ධි අංශ විසින් ආරක්ෂක මණ්ඩලයට දැනුම් දි ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධණ කියා සිටියේ.
මේ අතර, ආගමික අසමගිය ඇති කිරීමට උත්සහ කරන කිසිවෙකුට ඒ සදහා ඉඩක් නොදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ උග්‍ර ආර්ථික අර්බුදයකින් රට ගොඩ ගැනීමේ මාවතට පිවිසෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක තවත් අර්බුදයක් නිර්මාණය කිරීම සදහා විවිධ කණ්ඩායම් විසින් එවැනි කටයුතුවල යෙදි සිටින බවයි.
මේ අතර, ආගමික සංහිදියාවට බාධාවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කීරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුමකට බැරකල මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එංගලන්තයේ දානපතියෙකු විසින් විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් බැරකරන ලද රුපියල් කෝටි 08ක පමණ මුදල උන්වහන්සේගේ සහ තවත් දෙදෙනෙකු විසින් ලබාගෙන ඇතත් ඉන් විහාරස්ථානයේ කටයුතු කිසිවක් සිදුකර නැහැ.
ඒ පිළිබද ලද පැමිණිල්ලකට අනුව පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම පරික්ෂාවට ලක් කිරීමටද අධිකරණය ඊයේ අවසර ලබා දුන්නා.