විදේශ ගමන් බලපත්‍රය දින තුනෙන් නිවසටම

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා..

ඒ අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි අයෙකුට තම විදේශ ගමන් බලපත්‍රය දින තුනක් වැනි කෙටි කාලයක් තුළ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බවයි ඔහු පවසන්නේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම් කළ හැකි අතර, අනතුරුව ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් පසුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් කටයුතු සිදු කළයුතු වෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක මේ වන විටත් ඇඟිලි සළකුණු ලබාගැනීමේ යන්ත්‍ර ඇතුළු අවශ්‍ය උපකරණ ස්ථාපිත කර තිබෙන බවත්, මෙම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව කූරියර් සේවාවක් ද හඳුන්වාදී ඇති බවත් පාලක ජනරාල්වරයා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *