වැඩි කළ ඉන්ධන කෝටාව අද මැදියමේ සිට

ඉන්ධන කෝටාව

ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව යතුරුපැදියකට සහ ත්‍රිරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළදමා ඇති බවයි විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ.

මීට පෙර යතුරුපැදියක් සඳහා සතියකට ලීටර් 7 ක් සහ ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 08 ක් ලබාදී තිබුණා.

එමෙන්ම ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 15 සිට ලීටර් 22 දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම බස් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 125 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

බස් රථ සඳහා මීට පෙර ලීටර් 60 ක ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය කටයුතු කර තිබුණා.

මීට අමතරව මෝටර් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 30 සිට 40 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම ලොරි රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 75 සිට 125 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ.

වෑන් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 30 සිට 40 දක්වා ලීටර් 10 කින් ඉහළ නංවා තිබෙනවා.

මිට අමතරව ඉඩම් වාහන සඳහාද ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර 25 සිට 45 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *