වයඹ පළාතේ ගවයින් මස් පිණිස යොදා ගැනීමත් තහනම්

ගවයින් අතර පැතිරයන සමේ ගැටිති රෝගය හේතුවෙන් වයඹ පළාතේ ගවයින් මස් පිණිස යොදා ගැනීම තහනම් කර ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
වයඹ පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.සී.එස්. පෙරේරා සඳහන් කළේ, තවදුරටත් පළාත තුළ සහ පළාතෙන් පිටත ගවයින් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි.
සමේ ගැටිති රෝගය වැලදුනු ගවයින් හදුනාගෙන ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ