මස්, මාළු, එළවළු, පොල් මිල සීග්‍රයෙන් ඉහලට
වෙළඳපොළේ මේ වනවිට කුකුළු මස්, මාළු, බිත්තර, එළවළු සහ පොල් මිල සීග්‍රයෙන් ඉහල යමින් පවතින බව පාරිභෝගිකයන් පවසනවා.
ඒ අනුව රුපියල් 1,000 ත් 1,200 ත් අතර මිලකට අලෙවි වූ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1,500 ත් 1,600 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වෙළඳපොළේ මාළු මිලද සීග්‍රයෙන් ඉහල යමින් පවතිනවා. පෑළියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කෙලවල්ලා කිලෝවක තොග මිල රුපියල් 1,900 දක්වාත්, බලයා කිලෝවක් රුපියල් 1,400 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.
මීට අමතරව තලපත් කිලෝවක් රුපියල් 2,700 කටත්, සාලයා කිලෝවක් රුපියල් 400 කටත් අලෙවි වනවා.
මෙම මිල ගණන්වලට සාපේක්ෂව සිල්ලර වෙළඳපොළේ මාළු මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම බිත්තර සඳහා රජය පාලන මිලක් පනවනු ලැබුවත් සිල්ලර වෙළඳපොළේ බිත්තරයක් තවදුරටත් රුපියල් 53 ත් 55 ත් අතර මිලකට අළෙවි වනවා.