පොසොන්

පොසොන් සතිය හෙටින්(31) ආරම්භ වනවා. එය ලබන මස 6 වනදා දක්වා ක්‍රියාත්මකයි.

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලය පුද බිම කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

කෙසේ වෙතත් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව මේ වන විට සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් පොසොන් උත්සවයට නිසි අනුග්‍රහයක් නොලැබෙන බවට රජයට චෝදනා කිරීමත් සමඟයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *