දඹුල්ල හිටපු නගරාධිපතිවරයාගේ සොහොයුරා අත්අඩංගුවට

දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාතගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ සඳහන් කළේ.
පසුගිය වසරේ අවස්ථා කිහිපයකදී මොහු මෙම පිරිමි දරුවා අපයෝජනය කර ඇති බවට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිහිපයක් ලැබී තිබුණා.
ඒ අනුව සිදුකළ විමර්ශනයකට අදාළවයි දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලකවරයෙකු ලෙස කටයුතු කරන දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාතගේ වැඩිමහල් සොහොයුරා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ..