ඡන්ද නාමලේඛන නිවෙස්වලට ලැබීමේ ප්‍රමාදයක්

ග්‍රාම නිළධාරින්ගේ හිඟය හේතුවෙන් මේ වසරේ ඡන්ද නාමලේඛන නිවෙස්වලට ලැබීම ප්‍රමාද වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
මේ වනවිට 2023 ඡන්ද නාමලේඛන සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඊට අදාල ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් වීමට නියමිතව ඇත්තේ ජූනි 16 වනදායි.
කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ඡන්ද නාමලේඛන නිවෙස් වෙත ලැබීම ප්‍රමාද වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කමල් කිත්සිරි කොළඹ ඊයේ(29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඡන්ද නාමලේඛනය නිවෙස් වෙත ලබාදීමට නොහැකි වී ඇත්තේ මැතිවරණ කොමිසමේ ප්‍රමාදයක් නිසා බවයි.