කිව් අගනුවර ගැටුම් හේතුවෙන් යුක්රේන හමුදා සෙබළුන් දෙදෙනෙකු මරුට

කිව් අගනුවර දින තුනක සිට පවතින ගැටුම් හේතුවෙන් යුක්රේන හමුදා සෙබළුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

රුසියාව එල්ලකරන මිසයිල සාර්ථක ලෙස බිම හෙළීමට යුක්රේන හමුදාව සමත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකාව ලබාදුන් ගුවන් ආරක්ෂණ පද්ධතිය ඊට හේතු වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් කිව් අගනුවර මේ වන විටත් දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *