කැලණිවැලි දුම්රිය මඟ ප්‍රතිසංස්කරණය කිර්‍රිමට නව සැලසුම්

කැලණිවැලි දුම්රිය මාර්ගය නවමු ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිර්‍රිම සඳහා අවශ්‍ය නිසි සැලසුම් සකස් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් දැනුම් දී තිබෙනවා.

අගමැතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ පසුගිය දා ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතන සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

අවිස්සාවේල්ල සිට කොළඹ කොටුවට පැමිණෙන දුම්රියන් අවිස්සාවේල්ල සහ කොස්ගම අතර පමණක් මහා මාර්ගය හරහා අවස්ථා හතරකදී ගමන් කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා මේ නිසා ඇති වන මාර්ග තදබදය අඩු කර ගත හැකි ක්‍රමයක් සකස් කරන ලෙස පැවසුවා.

එක් පැත්තකින් දුම්රිය මාර්ගයත් අනෙක් පැත්තෙන් මහා මාර්ගයත් දැක්වෙන පරිදි නව සංකල්ප ක්‍රියාත්මක කරමින් මහජනතාවට රටේ සංවර්ධනය දැනෙන ආකාරයට සිදු විය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *