ඇමරිකාවේ ඉල්ලීම චීනය ප්‍රතික්ශේප කරයි

ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා ඇමරිකාව කරණු ලැබූ ඉල්ලීම චීනය ප්‍රතික්ශේප කර තිබෙනවා.

ලබන සතියේ සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම සාකච්ඡා හදුන්වනු ලබන්නේ ෂැංග්‍රිලා ඩයලොග් ලෙසයි.

මෙහිදී ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා සහ චීන ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක් සඳහායි මෙලෙස ආරාධනා සිදුකර තිබුණේ.

කෙසේවෙතත් මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට හේතුව චීනය මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

වත්මන් චීන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට 2018 වසරේදී ඇමරිකාව සම්බාධක පැනවීම ද මෙම සාකච්ඡාව ප්‍රතික්ෂේප කිරීමට එක් හේතුවක් වන්නට ඇති බවට සැක කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *