අනුරපුර සැණකෙළිය පැවැත්වීම අත්හිටුවන්නැයි අගමැතිගෙන් නියෝගයක්

උතුරු මැද පළාත් වැඩ බලන ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ හරහා පළාත් පාලන කොමසාරිස් වරයාට එම නියෝගය ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
අනුරාධපුර නගර සභාව පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර වලිසිංහ හරිචන්ද්‍ර ක්‍රීඩාංගනයේදී ජුනි මස 4 වෙනිදා සිට 11 වැනි දා දක්වා එම සැණකෙළිය සංවිධාන කර තිබෙනවා.
ඒ හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් අපහසුතාවයට පත්වන බවට මහා සංඝරත්නය, ගුරුවරුන් සහ සිසුන්ගේ මව්පියන් දැඩි විරෝධයක් පළ කළා.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ද එම සැණකෙලිය සම්බන්ධයෙන් පසුගිය දා විරෝධය පළ කළා.
එහිදී උන්වහන්සේ කියා සිටියේ හැකියාවක් ඇත්නම් සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් නොවන ලෙස එම සැණකෙලිය වෙනත් ස්ථානයක පැවැත්වීමට හැකියාවක් ඇත්දැයි සොයා බලන ලෙසයි.
කෙසේවෙතත් ඒ සඳහා ඉඩපහසුකම් සහිත වෙනත් ස්ථානයක් අනුරාධපුර නගරය ආසන්නයේ නොමැති බව අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා, සාමාන්‍ය පෙළ විභාගය පවතින කාලසීමාව තුළ මෙවැනි සැණකෙලි සිදු කිරීමෙන් වළකින ලෙස උපදෙස් දුන් බවත්, අනුරාධපුර පුරවර උදානය සැණකෙළිය අත්හිටුවන ලෙස නියෝග කළ බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.