ලොරි රථයක දොර ගැලවී දරුවෙකුගේ පපුවේ වැදී දරුවා මරුට

බාල සොහොයුරා සමග බයිසිකල් පදිමින් සිටී 13 හැව්රිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට පාන් ලොරියක යකඩ දොරක් ගැලවී පතිතවීමෙන් එම දරුවා මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව , හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි 13 හැව්රිදි දරුවෙක් බව සඳහන්.

ඔහු සිය බාල සොහොයුරා සමග බයිසිකල් පදිමින් වාද්දුව රතු ගේට්ටුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් කරමින් සිටියදී , ඉදිරියෙන් පැමිණි පාන් ලොරියේ පැති යකඩ දොර ගැලවී දරුවාගේ පපුවේ වැදී දරුවා විසිවී බිම ඇදවැටී දොර ශරීරය මත පතිත වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

බරපතළ තුවාල ලබා සිටී දැරුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර දැඩ් සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී  මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *