ලොකුම මැණික ගැන කෝප් කමිටුවේදී අනාවරණයක්

මෙරටින් හමුවූ ලොව විශාලතම මැණික් පොකුර බව පැවසෙන මැණික් පාෂාණය තක්සේරු කිරීමේදී, යම් මුලාවක් සිදු වී ඇති බව කෝප් කමිටුවේ දී අනාවරණ කර තිබෙනවා.

ඒ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳ වූ අවස්ථාවේදීයි.

කමිටු සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේ එම මැණික් පාෂාණය සම්බන්ධයෙන් ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කළ ආකාරය එහි වෘත්තීයභාවයට නොගැලපෙන බවයි.

එහිදී ඔහු අදාළ පුද්ගලයින්ගෙන් විමසුවේ මේ වගේ ක්ලස්ටර්ස් හැම තැනම ඇති බවත් මෙවැනි බොරුවක් කළේ ඇයි ලෙසත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *