හාවාඑළියේ පුද්ගලයෙක් අතුරුදන්

නුවරඑළිය පොලිස් වසමේ හාවාඑළිය ගාඩ් වත්ත රක්ෂිතයට දර සෙවීමට ගිය පුද්ගලයෙක් අතුරුදන් වී තිබෙනවා.

එම පුද්ගලයා නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නුවරඑළිය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසනවා.

එලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 49ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ නුවරඑළිය පොලීසියේ නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව එම පුද්ගලයාව සොයා රක්ෂිතය තුළ මෙහෙයුම් දියත් කර ඇත.

එහිදී එක්ෂිතය මැද තිබී අතුරුදන් වූ පුද්ගලයාගේ යැයි සැකකරනු ලබන පාවහන් යුගලක් හා කබායක් හමු වී තිබෙනවා

අතුරුදන් වූ පුද්ගලයා මෙතෙක් හමුවී නොමැති අතර, නිල සුනඛයින් යොදා ගනිමින් තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *