ධීවර ජනතාවට නොමිලයේ භූමිතෙල් බෙදා දීම හෙට

පසුගිය දා චීන රජය විසින් මෙරට ධීවර ජනතාවට නොමිලයේ බෙදා දීමට ලබාදුන් භූමිතෙල් එම ජනතාවට බෙදා දීම හෙට  උදෑසන 08.00ට පානදුර ධීවර වරායේදී බෙදා දීමට නියමිත බව ධීවර අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ශ්‍රී ලංකා චීන තානාපති වී ෂෙන් හොන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදුකිරීමට නියමිතයි.

මෙහිදී භූමිතෙල් ඉන්ධන පාවිච්චි කරන බෝට්ටු 26000කට භූමිතෙල් ලීටර්150 බැගින් බෙදාදීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *