ජීවිත දෙකක් බිලිගත් මාරක අනතුර

හයිලෙවල් මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ බහාලුමක් ප්‍රවාහනය කරමින් සිටි ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ සවස සිදු වූ අනතුරින් ත්‍රීරෝද රථයෙහි ගමන් ගත් දෙදෙනෙකු එලෙස මිය ගොස් ඇතැයි කොස්ගම පොලීසිය පැවසීය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයෙහි ගමන් ගත් තවත් අයෙකු අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ත්‍රීරෝද රථය කොස්ගම දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කර ඇති අතර බහාලුම් රථය අවිස්සාවේල්ල දෙස සිට කොස්ගම දෙසට ධාවනය වන අතරතුර දී මෙලෙස මුහුණටමුහුණ ගැටී අනතුරට ලක්ව ඇත.
අනතුරත් සමග බහාලුම් රථය මාර්ගයෙන් ඉවතට හැරවීම නිසාවෙන් ඒ අසල තිබූ දුරකථන කණුවක ගැටීමෙන් අදාළ දුරකථන කණුව කැලණිවැලි දුම්රිය මාර්ගය මතට ඇද වැටී ඇති බවද පොලීසිය පැවසීය.