සිසුවියක් පැහැර ගැනීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වේ

බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක්, කිසියම් පිරිසක් විසින් පසුගිය සිකුරාදා පැහැරගෙන යෑමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

ඇය පාසල නිම වී තම පාසල් වෑන් රථය දෙසට යමින් සිටිය දීයි මෙසේ පැහැර ගැනීමට උත්සාහ දරා ඇත්තේ.

ග්‍රේන්ස් ස්ටෙප් පඩිපෙළ ආසන්නයේ නවතා තිබූ සුදු පැහැති වැන් රථයකින් පැමිණි තරුණයෙකු අදාළ සිසුවියට පවසා ඇත්තේ අම්මා අසනීප වී රෝහලේ නතර කළ බවයි.

එම තරුණයා සිසුවියට චොක්ලට් එකක් ද ලබා දී ”අම්මා ලගට එක්ක යන්නම් වෑන් එකට නගින්න” ලෙස පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මව, සහෝදරයා ඉගෙනුම ලබන පාසලට යන බව පෙර දින තමන්ට පැවසූ බවට සිසුවියට සිහිපත් වී ඇති අතර ඇය බියට පත් වී බණ්ඩාරවෙල නගරයේ පිහිටි වෙළඳසැලකට දුව ගොස් බේරී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගේ මව පොලිසියට පැමිණිලි කර තිඛෙන අතර මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *